"ඇත්තට හෝම්ස් ඇයි මේ දවස්වල මරිජුව සද්දයක්වත් නැත්තෙ.මහාචාර්ය මොරියාටිගෙ මාෆියා කල්ලිය ඔහුව පැහැරගෙන ගිහිං ලිම්කික අපයෝජනයකටවත් ලක් කරලද දන්නෙ නෑ." බේකර් වීථියේ අපගේ සුවපහසු නවාතැනේ හාන්සි පුටුවේ,බාගෙට තැලූ තලගොයෙක් මෙන් දැප දමාගෙන වැලක් බලමින් සිටි හෝම්ස්ගෙන් මම ඇසුවෙමි.
"ඌ වගේ මූසල ලිහිණියෙක්ට අතවරයක් කරන්න තරම් අහේනි කාරයෙක් මේ මිහිපිට නෑ වොට්සන්.උඹට නොකිව්වට ඌ නැත්තෙ මොකද කියල මං හොරෙන්ම පරීක්ෂණයක් කලා.ෂර්ලොක් හෝම්ස් කතාව එනකං බලං ඉඳල බැරිම තැන මං පොඩ්ඩක් හොයල බැලුව ඌට මොකද උනේ කියල." හෝම්ස් කීවෙ මොහොතකටවත් දෑස් වැලෙන් ඉවතට නොගනිමිනි.
"මොනවද හෝම්ස් ඔබ හොයාගත්ත තොරතුරු.ඌට මොකද වෙලා තියෙන්නෙ." මම ඇසුවෙමි.
"මං හොයාගත්ත තොරතුරුවලට අනුව ඌට ලොකු කරදරයක් වෙලා වොට්සන්.හැබැයි ඌට ඉහෙන් බහින ලෙඩක් නෑ.මේක වෙනම සීන් එකක්." හෝම්ස් කීවේ ස්ටූල් එක මත තිබූ ගමගේ මල්තෝර බීඩියක් දල්වාගනිමිනි.
"ටහිකේ හෝම්ස්.උඹ කියන්නෙ මරිජුව බූට් එකක් කාල පැනඩෝල් බීල කියලද.මොනව උනත් පව් අහිංසකයා." මම කනගාටුවෙන් යුක්තව කීවෙමි.
"නිකං මෝඩ කතා කියන්න එපා වොට්සන්.ඒ වගේ දෙයක් වෙන්න ඌට කෙල්ලෙක් ඉන්න එපැයි.ඒ වගේ මරිමෝල් නසරානියෙක්ට කොහෙද කෙල්ලෙක් කැමති වෙන්නෙ.මට ආරංචි විදියට මිනිහට මේ දවස් ටිකේ උප සංස්කෘතිකයෙන් සෑහෙන්න කරදරයිලු.මේ කරදරකාර සීසන් එක ඉවර උනාම පේජ් කෙරුවාවට ඌට තහංචියක් නැති නිසා ආයෙ සුපුරුදු පරිදි කරලියට බහින්න ඉන්නව කියලයි මට ආරංචි උනේ." හෝම්ස් කීවේ දුම් වළලු ඉහලට යවමිනි.
"ටහිකෙන ධර්මයක්නෙ හෝම්ස්.තව කොච්චර කාලයක් උන්ට උප සංස්කෘතික හිරිහැර වලින් බැට කන්න වෙයිද" මම ඇසුවෙමි.
"තව දින කිහිපයක් උන්ට පෝරියල් සෙට් වෙනව වොට්සන්.ඊට පස්සෙ ආයෙ ඌ කරලියට ඒවි." හෝම්ස් කීවේ දිගු සුසුමක් හෙළමිනි.ඌ උදේට දත් මැද නොතිබිනු නිසා කුණු පොල්බෑයට හුරිජ්ජ කලාක් මෙන් ගඳක් එයින් නිකුත් විය.
"ඒකත් එහෙමද.කොහොමද හෝම්ස් උඹ මේ තොරතුරු හොයාගත්තෙ.උඹ සෑහෙන්න වෙහෙස වෙලා හෝඩුවාවල් හොයාගෙන ගිහින් නිරීක්ෂණය කරන්න ඇති නේද." මම ඇසුවෙමි.
"හොයාගත්ත විදිය උඹට අදාල නෑනෙ.කිකිළි කුකුළට ඔකල බිත්තරේ ආවනං එච්චරයිනෙ." හෝම්ස් උස් හඬින් ගුගුලේය.
"මට තියෙන ප්‍රශ්නෙ මම නැතුව උඹ කොහොමද මෙච්චර විස්තරයක් හොයාගත්තෙ කියල" මම කීවෙමි.
"මට පෝං එකක් තියේනං.උගේ නම්බරේ තියේනං කෝල් එකක් දාල විස්තරේ හොයල බලන්න මට උඹ ඉන්න එක නැති එක අදාල නෑනෙ වොට්සන්.අනික පෝස්ට් නැතිවෙනකොට මරිජුව නැත්තෙ මොකද කියල පේජ් එකට මෙසේජ් කරල හොයපු යාළුවන්ට සැහෙන්න ස්තූති වෙන්න ඕන කියලත් ඌ දෙපාරක්ම කිව්ව." හෝම්ස් කීවේය.
"ඌ යාළුවන්ට ස්තූති කරපු එක උඹට අදාල නෑනෙ හෝම්ස්.දොරේ හිලෙන් දෙන්න යන්නැතුව උඹ උඹේ වැඩක් බලාගනින්." මම කීවෙමි.
"ගහප් පයින් දැනගං.වල් කැ#යගෙ වල්ල මිනිමයිස් වෙලා යන්න." හෝම්ස් තරහින් කෑගැසීය.
No comments:
Post a Comment